Sunday, September 15, 2013

Nerdbux මගින් උපයමු

ආයුබෝවන් පැමිණි සියලු දෙනාටම, ඉතින් යාලුවනේ මම අදත් ඔයාලට පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි අරන් ආවේ. මේකත් ඉතින් PTC bux සයිට් එකක් තමයි.  කලින් හදුන්වා දුන්නු සයිට් වගේම නැතත් මෙකත් මේ වන විට අන්තර්ජාලය තුළ විශ්වාසය දිනාගෙන තියෙන සයිට් එකක්. මෙම Nerdbux කියන සයිට් එ‍කේ දැනට සාමාජිකයන් 99144 ක් සාමාජිකත්වය ලබා තිබෙන බවට සදහන් වෙනවා. මෙයත් දැනට වංචාවකින් තොරව සාමාජිකයන්ට ගෙවලා තියෙනවා.

දැන් මේ සයිට් දැන් මේ සයිට්එක සම්පූර්ණයෙන්ම  Scam එකක් නිසා වැඩ කරන්න එපා. ලියාපදිංචිවීමේ ක්‍රමය පමණක් බලන්න. දැනට තියෙන හොදම paying සයිට් ටික සහ Scam සයිට් ටික බලන්න මෙතනින් යන්න. එහෙම සොයලා බලලා වැඩ කරන්න. 2014/08/24


Thebux වගේම මෙහිදීත් අපට එක Referral කෙනෙක්   මාසෙක කාලෙකට   Rent  කරන්න පුළුවන්. මෙහි තියෙන විශේෂත්වය තමයි එක් අයෙක්Rent  කරලා තවකෙනෙක් ගන්න සතියක් බලා ඉන්න ඒනි නැහැ. අපිට මුදල් තියෙන ඕන වෙලාවක Referral කෙනෙක් Rent කර ගන්න පුළුවන්. හැබැයි මෙහි නම් එක් අයෙකුගේ වටිනාකම ඩොලර් 0.2. ඒ කියන්නේ probux වල වටිනාකමම තමා..ඒ වගේම මෙහි මුලදී ඩොලර් 0001 ඇඩ් 20කට වැඩියෙන් දවසකට බලන්න දෙනවා. කල්යද්දි එම ඇඩ් ප්‍රමාණය වැඩි වෙනවා (මාසයක් යද්දි එය 75ක් පමණ වෙනවා). ඒ අනුව ඔයාලට ඉක්මනින්ම Referral ව Rent  කර ගන්න මෙම සයිට් එකෙන්ම මුදල් උපයා ගන්න පුළුවන්. සතියකින් විතර පළමු Referral ව Rent  කර ගන්න හැකියාවක් තියෙනවා. probux සහ Thebux  වලට සාපේක්ෂව නම් ඒක ලොකු කාලයක් ව‍ගේ තමයි, කොහොම උනත් ඔයාලා bux වලින් ස්ථීර ආදායමක් සාදා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් සයිට් කිහිපයකම වැඩ කිරීම ගොඩක් හොදයි. මොකද කියනවා නම් මම මුලදී කීවා වගේ හොදින් මුදල් ගෙවමින් තිබෙන සයිට් හිටිහැටියේ බන්කොලොත් වෙලා වැහිලා යන අවස්ථා තියෙනවා. මේ සයිට් ඒ නිසා වෙනවාට කියනවා නෙමෙයි යම් හෙයකින් ඔයාලා උපයන සයිට් එක වැහුනොත් ආයෙ මුල ඉදන් පටන් ගන්න වෙනවා. ඉතින් එහෙම උනොත් ඔයාලාට අන්තර්ජාල මුදල් අරහන් වෙනවා.මේක පට්ට පල් බොරුවක් කියාලා කියන්නේ ඒ වගේ උනාම තමා. අනෙකුත් විස්තර වගේම මෙයට දෛනිකව ලැබෙන ඇඩ් ප්‍රමාණය දිහා බැලුවාම මෙය කාලයක් ස්ථාවරව පැවතීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ සයිට් එක අපි බලන ඇඩ් එකකට ලොකු ගණනක් නොගෙවන්නේ මෙය ස්ථාවරව පවත්වාගැනීමේ අරමුණීන් විය යුතුයි.

Nerdbux වල ලියාපදිංචිවෙමු

මෙතනින් ගිහින් Nerdbux සයිට් එක ලබාගන්න. දැන් ඔය පහල රූපය වගේ  වින්ඩෝවක් ලැබේවි. එහි Register කියන ලින්ක් එක උඩ click කරන්න. රතු රවුම බලන්න.
nerd reg 1 copy 
දැන් පහල රූපය වගේ Form එකක් ලැබේවි. එහි මම විස්තර කරල තියෙන විදියට සම්පූර්ණ කරන්න. සියල්ල සම්පූර්ණ කර නැවත පරීක්ෂා කර අවසානෙට Register කියන කියන එක click කරන්න. 
nerd reg 2 copy
දැන් Nerdbux සයිට් එක ඔයා දීපු මේල් ඇඩ්‍රස් එකට verification link එකක් එවලා ඇති.  ඊලග පියවර විදියට ඔයා දීපු mail එකට login වෙලා Nerdbux එවා ඇති මේල් එක සොයා ගන්න. එය Inbox තුළ නැතිනම් Spam තුළ බලන්න.  (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) දැන් එය විවෘත කර එහි ඇති Nerdbux  හි  verification link එක මත click කරන්න. (පහල රූපයේ 02 අවස්ථාව බලන්න)
nerd reg 3 copy
Activation ID සහ Username sed කිරීමට ලැ‍බෙන box එකේ sed මත  click කරන්න (ඉහත රූපයේ 03 අවස්ථාව බලන්න)  . දැන් ඔයාගේ ලියාපදිංචිය හමාරයි. දැන් ඔබව නව සාමාජිකයක් ලෙස පිළිගනී  ඊළගට  ඔබ නැවත Nerdbux සයිට් එකට පැමිණෙන අතර එහිදී login Form එක ලැබේ. නැතිම් එහි ඉහල ඇති  login යන්න මත click කළාම ලැබෙන login Form එකේ නියමිත තැන ඔයා දීපු username සහ password දීලා  පහලින් ඇති login මත  click කරන්න.(පහල රූපය බලන්න)
nerd reg 4 copy

වැඩ කරන්නේ මෙහෙමයි

දැන් ඔබගේ ගිණුමට ඇතුල් වන අතර එහි ඉහල තිබෙන ටාස්කබැර් එකෙහි  මැද තියෙන Earn money  කියන link එක මත click කරන්න (පහල රූපයේ රතු රවුම බලන්න) . එහිදි දිගහැරෙන මෙනුවෙහි view ads යන්න මත click කරන්න. මීට අමතරව ඔයාලට අවශ්‍ය නම් හැකියාවක් තිනෙවා නම් එහි දිස්වන අනෙකුත් වැඩ ටික කරලා උපයන්නත් හැකියාවක් තියෙනවා.
nerd ad 0 copy
දැන් ඔයාලට  එදා ලැබිලා තියෙන ads ටික දැක ගත හැකි අතර (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) ඒ එක් ad එකක නිල් පැහැති සිරසෙහි අකුරු මත click කරන්න. දැන් ඔබගේ ad එක ලෝඩ් වන අතර waiting කියන විධානය ඉහල වම් කෙළවරේ දැකගත හැකි (පහල රූපයේ 02 අවස්ථාව බලන්න) 
nerd ad 1 copy
ඇඩ්එක ලෝඩ් වී අවසන් වූ පසු එතනම කොළපාට තීරුවක් පිරේවි (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) . එය පිරී අවසන් වූ විට රූප 3 ක පේලියක් එතනම දිස් වන අතර එයින් හිස පහලට ඇති රූපය මත කරන්න (පහල රූපයේ 02 අවස්ථාව බලන්න) . දැන් හරි ලකුණකුත් එක්ක Thanking Massage එකක් දිස්වේවි (පහල රූපයේ 01 අවස්ථාව බලන්න). එම අවස්ථාවේදී ඔබගේ ගිණුමට අදාල මුදල එකතු වේ. දැන් එම අතුරු වින්ඩෝව close කර නැවත ඒ ආකාරයෙන්ම  ඉතිරි ඇඩ් ටිකත් බලන්න.
nerd ad  2 copy
මේකෙදිත් අනෙකුත් bux සයිට්ලව වගේම මුලදි ටිකක් මන්දගාමීව තමයි ආදායම ඉහල යන්නේ. ඒ උනාට මෙහි කාලෙත් එක්ක ලැබෙන ඇඩ් ප්‍රමාණය වැඩි වීම සහ  Rent  Referral ගණන වැඩිවෙනකොට ආදායම බලා ඉදිද්දි ඉහල යාවි. මම මුලින් කිව්වා වගේ මේකේ Referral  එක් අයකු බැගින් Rent කර ගැනීමේ පහසුකම වගේම ඕනෑම දවසක Rent කර ගැනීමේ අවස්ථාව සලසලා දීලා තියෙන නිසා ඉතා ඉක්මනින් Referral ගණන වැඩිකර ගනීමේ හැකියාවක් පවතිනවා.

සයිට්එක තුළ වියදම් කරන්නේ මෙහෙමයි (Add Fund)

මේ සම්බන්ධයෙන් මීට ඉහතදී පෝස්ටුවක සදහන් නොකළ නිසා එම අඩුපාඩුව මග හරවා ගැනීමට මෙය ඇතුළත් කරනවා. අපිට අනෙකුත් සයිට් වල වගේම මෙහිදීත් වැඩි ආදායමක් ලබන්න නම් සයිට් එක් තුළ මුදල් යෙදවන්න වෙනවා. Referral  Rent  කිරීම සහ Recycle කිරීමට මුදල් අවශ්‍යයි නේ. ඒකට අපි සයිට්එකෙන් උපයන මුදල් වලින් වගේම Payza, Payoal වැනි ගිණුමකින් එකතු කරන්න පුළුවන්. අපි බලමු ඔයාලා සයිට්එකෙන් උපයපු මුදල් එකත්කරන හැටි.
මුලින්ම My Account වෙත යන්න. එහි Add funds යන්න මති ක්ලික් කරන්න. (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) දැන් ලැබෙන වින්ඩෝවේ මුදල් ගෙවන ක්‍රමය තෝරන්න. (පහල රූපයේ 02 අවස්ථාව බලන්න)  මීළගට එහි පහලින් වන කොටුවෙහි එකතුකරන මුදල ටයිප් කර send යන්න මත ක්ලික් කරන්න. (පහල රූපයේ 03 අවස්ථාව බලන්න) 
dd fund 1 copy
දැන් මතුවන වින්ඩෝවේ පහල රූපයේ 01 අවස්ථාව ලෙස මතුවන Account balance බටන් එක මත ක්ලික් කරන්න. එවිට පහල රූපයේ 02 අවස්ථාව පරිදි අදාල එකතු කිරීම සිදුකළ බවට සදහන් පණිවුඩයක් දිස්වේ.
add fund 2 copy

Referral කෙනෙක් Rent  කරන්නේ මෙහෙමයි

ඔයාලා My Account ‍වෙත ගියාම Referrals මාතෘකාව යටතේ වන  Rent more referrals යන අනු මාතෘකාව මත ක්ලික් කරන්න. (පහල රූපයේ 01 අවස්ථාව බලන්න) දැන් මතුවන වින්ඩෝවේ තිබෙන බොක්ස් එකෙන් ඔබ එකතු කරන ලද මුදලට ගැලපෙන Referrals සංඛ්‍යාව තිවෙන පැක් එක තෝරාගෙන ඒ මත ක්ලික් කරන්න.(පහල රූපයේ 02 අවස්ථාව බලන්න)  දැන් එය ඉටුකළ බවට සදහන් පණිවිඩයක් දිස්වේ. (පහල රූපයේ 03 අවස්ථාව බලන්න). නැවත My Account ‍වල Referrals යටතේ තියෙන Rented referrals යන්න මත් ක්ලික් කළාම ඔයාගේ Rent කරන ලද  referral කෙනා හෝ කිහිප දෙනාව දැක ගතහැකියි. .(පහල රූපයේ 03 අවස්ථාව බලන්න)  එහිදී එයා පිළිබද විස්තර දැකගතහැකිය.
nerd ref 1 copy

Referral පාලනය කරන්නේ මෙහෙමයි

Referral  කළමනාකරණය ගැන මම කලින් පැහැදිලි කරලා ඇති. ඒක කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවා බැලිය හැක. අපි Rent කරන සෑම Referral කෙනෙක්ම හැමදාම ක්‍රියාකාරී නොවෙන් පුළුවන්. එහෙම උනොත් අපිට වැඩේ පාඩුයිනේ. ඒ නිසා එවැනි අය ඉවත් කරලා එයා වෙනුවට නැවත කෙනෙක් ගන්න එක කරන්න ඍ්න. එය Recycle ලෙස හදුන්වන අතර හමහිදී එක් අයෙකු එසේ කිරීමට ඩොලර් 01ක් අයකරනවා. එම මුදල එකතු කිරීමෙන් අනතුරුව අපට අවශ්‍ය කෙනාව Recycle කර ගන්න පුළුවන්. ඒ වගේම අපි Rent කරන Referral  ගේ මාසයක කාල සීමාව අවසන් වීමට පෙර ඔහුගේ කාලය දීර්ඝකරගතයුතුයි.
මේ කටයුතු දෙකම කරන්නේ මේ විදියටයි. ඔයාගේ  Referral ලේඛණයේ  Referral  ඉදිරියෙන් තියෙන කොටුවේ ටික් කරන්න. (පහල රූපයේ 01 අවස්ථාව බලන්න)  දැන් එහි පහලින් මතුවන බොක්ස්එකේ ක්ලික් කරලා ඔබ ටික් කරන ලද කෙනාට කළ යුතු දේ තෝරන්න. (පහල රූපයේ 02 අවස්ථාව බලන්න) එහිදී එයාගේ කාලය දීර්ඝ කර ගැනීම හෝ Recycle කිරීම කර ගතහැකියි.  දැන් පහල රූපයේ 02 අවස්ථාව සදහන් පරිදි Do it යන්න මත ක්ලික් කරන්න. ඉන් අනතුරුව එය සාර්ථකව සිදුකළ බව සදහන් පණිවිඩයක් දිස්වේවි.
recycal 1 copy 
මම මේ පෝස්ටුව මෙතරම් දීර්ඝව පැහැදිලි කළේ අන්තර්ජාල මුදල් ක්ෂේත්‍රයට අලුතින් එන කෙනෙුට ගැටළුවක් නැතිව මෙය කරගෙන යාම පහසු වීම සදහායි. මෙතෙක් මම ලියන ලද පෝස්ටු ටික කියවලා යම් කෙනෙකුට ගැටළුවකින් තොරව මුදල් උපයන්න හැකියාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. මම මීලග පෝස්ට් එක දාන්න අපේක්ෂා කරන්නේ PTC සයිට් එකක් ගැන නම් නොවෙයි. ඔයා වැඩ්ඩෙක්නම් නිදා‍ගෙන ඉද්දි සල්ලි ගිණුමට එනවා..එහෙනම් යාලුවනේ මම නවතිනවා. මම කිව්ව පෝස්ට් එකත් අරන් හැකි ඉක්මනින් එන්නම්. ගැටළුවක් තිබුනොත් කොමෙන්ට් එකක් දාන්න.ඔය පහල තියෙන දිනේ මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. පැමිණි සියලු දෙසනාටම ජයෙන් ජය!!!

15 comments:

  1. yalu mama umbe sit 1 hoya gathte langadi. umbe wade nam ela. mata podi awulak thiyenawa. nerdbux wala reg weddi paypal email address 1 illanawane. mata paypal 1k nane. udawwak karanawada

    ReplyDelete
    Replies
    1. යාළු ඒකට Paypal එකක් හදාගන්න වෙනවා. හැබැයි වෙන රටක විදියට තමා හදන්න ඕනි. ඒ ගැන ලියන්න හිටියත් කාර්යබහුල නිසා ඒ ගැන තවම ලිපියක් හදන්න බැරි උනා. ඉදිරියේදී එයත් ඵල කරනවා. දැනට ඔයාගේ පොදු ඊ මේල් එක දාල ඒක පුරවා රෙජිස්ටර් වෙන්න.

      Delete
  2. nerd bux ai hodai kiyanne??????????

    Nerdbux.com - (February 05 2014: Many complaints on forums, problems with some payments, unstable, not recommended. Update March 05 2014: many accounts suspended, Mar 20 2014: The TimTech (timtech.us) sold the site to Jeffrey Johnson, a old scammer. Nerdbux has been marked as scam in period when TimTech owned the site. A dubious connection between TimTech and Jeffrey Johnson has been before appearing nerdbux. Together, they managed to fool us all)

    ReplyDelete
  3. Nerdbux.com - (February 05 2014: Many complaints on forums, problems with some payments, unstable, not recommended. Update March 05 2014: many accounts suspended, Mar 20 2014: The TimTech (timtech.us) sold the site to Jeffrey Johnson, a old scammer. Nerdbux has been marked as scam in period when TimTech owned the site. A dubious connection between TimTech and Jeffrey Johnson has been before appearing nerdbux. Together, they managed to fool us all)

    yalu ai nerd bux hodai kiyanne

    ReplyDelete
  4. Nerdbux.com - (February 05 2014: Many complaints on forums, problems with some payments, unstable, not recommended. Update March 05 2014: many accounts suspended, Mar 20 2014: The TimTech (timtech.us) sold the site to Jeffrey Johnson, a old scammer. Nerdbux has been marked as scam in period when TimTech owned the site. A dubious connection between TimTech and Jeffrey Johnson has been before appearing nerdbux. Together, they managed to fool us all)

    ReplyDelete
    Replies
    1. සංවාදය හොදයි. ඔබ නිවැරදියි. මම PTC ගැන කියද්දි මුලින්ම කියලා ඇති මේවා ටික කාලයක් හොදට තියෙනවා. පස්සේ මුදල් ගෙවන ඒවයේ ප්‍රශ්ණ මතු වෙනවා. සයිට් එක වහලා දානවා. මේකත් මම මේ පෝස්ටුව ලියද්දි හොදට තිබුනා. දැන් අවුල් තමා. මේවයේ වැඩ කරද්දි අවධානයෙන් ඉන්න ඕනි.

      Delete
    2. ඔබට ස්තූතියි යාළුවා.

      Delete
  5. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම internet money සමබන්ධව රචිත ඉතා වටිනා ලිපි පෙළකි. මෙම බ්ලොග් අඩෙවිය වඩාත් අර්ථවත් කරනු පිණිස ක්‍රෙඩිට් කාඩ්පත් credit card සම්බන්ධව නොමිළේ උපදේශණ සේවයක් free advice on credit card සදාදරණිය ඔබ වෙත මේ සමඟ ගෙන එන්නෙමු. ඔබගේ පුද්ගලික විස්තර කිසිවක් අපට අවශ්‍ය නොවේ. no personal details needed පිවිසෙන්න! http://cardslanka.blogspot.com/

    ReplyDelete
    Replies
    1. උදව් කරන අයගෙන් උදව් ගන්න. නුවණින් වැඩ කරන්න.

      Delete
  6. http://www.gptnetwork.com/
    me site eka gana admin mokada hithanne..eka trust karanna puluvanda...pls mama anith eva vada karanava meka eyala hodata pay karanava add ehekata. mokada hithanne.. pls mata kiyanavada

    ReplyDelete
    Replies
    1. නෙට් එකේ සදහන් විදියට ඒක SCAM සයිට් එකක්.

      Delete
  7. ඔබට ස්තූතියි යාළුවා

    ReplyDelete
  8. nerdbux වලින් මනි Payza හරි paypal වලට ගන්න හැටි මට කියනවද 2015 ඉදන් nerdbux වෙනස් වෙලා මට ඒකට උදවු කරනවද?

    ReplyDelete
  9. ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
    [ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

    ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
    3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
    ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
    මුළු මුදල දවසකට = $0.10
    *තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
    *ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
    *ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
    *ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
    මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
    300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

    ReplyDelete
  10. mchn mn nerdbux eke 10.17$ hewwa,,eka gnne kohomada?paypal ekk thynw,oyla kiyana vidihta my account eke add funds kiyala ekk nani,,mn withdrawls wla bluwa,,eke payza vithrai thynne,,plzzz help..Email:janakawijesekara301@gmail.com

    ReplyDelete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc